Scientific Name - Hypolimnas misippus Linnaeus, 1758


  • Group
  • Sub-group
  • Family
  • Genus
  • Common names
    පුංචි සිව්වා Punchi-siwwa (S) Danaid Eggfly (E)
  • Habitat
  • Origin
    Native
  • National conservation status
    LC-Least Concern
  • Legal status
    Protected
  • Similar species
  • All vernacular names
Hypolimnas misippus Linnaeus, 1758

Contributors for Images:

Jagath Gunawardana (ID-JG) Gehan de Silva Wijeyeratne (ID-GSW)

මෙම මධ්‍යම ප්‍රමානයේ සමනලයාගේ පෙර සහ පසුපස පියාපත් දෙකේම පසු දාරය කඩතොලු සහිත වේ.එහි කලු සහ සුදු පැල්ලම් පියාපත් දාරයට සමාන්තරව පේලි ලෙස සැකසී තිබේ.මින් පසු පියාපතේ දන්තුර වඩාත් ගැඹුරු වේ. පිරිමි සතගේ පියාපත්වල උඩ පැත්ත තද කෝපි දුඹුරු හෝ කලුවන් දුඹුරු පාටක් ගනී.එහි පෙර මෙන්ම පසු පියාපත් වලත් විශාල සුදු පැල්ලමක් බැගින් තිබේ.මේ සුදු පැල්ලම් එක්තරා කෝනයකදී නිල්වන් දිලිසීමක් පෙන්නුම් කරයි.එසේම මේ රටාව Great Eggfly පිරිමි සතාගේ පියාපත්වල ඉහල තිබෙන වර්න රටාවට බොහෝදුරට සමාන වේ.පිරිමි සතාගේ පියාපත් වල යට පැත්ත දීප්තිමත් තද තැඹිලි-දුඹුරු පාටක් ගනි.එහිත් විශාල සුදු පැල්ලමක් බැගින් පිහිටා තිබේ. මේ ඡායාරූපයේ සිටින පිරිමි සමනලයාගේ දකුනු පියාපතේ උඩ පැත්ත තරමක් දුරට විවෘත වී ඇති අතර ලාක්ශනික විශාල සුදු සලකුනු එහි පෙනෙන්නට තිබේ. මේ විශේශයේ ගැහැනු සතුන් ප්‍රධාන වශයෙන් දුඹුරුවන් තැඹිලි පාටක් ගනී.එසේම එම ගැහැනු සතුන් Plain Tiger නම් විශේශයේ වර්න ආකාරයන් දෙකක් අනුකෘතියේ (Mimicry) යෙදීමත් විශේශත්වයකි. වේගවත් පියාසරියක් සහිත මෙම සමනලයා බොහෝවිට විවෘත ස්ථානවලදී හමුවේ. -ජගත් ගුණවර්ධන -


ECERO, 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

faunaofsrilankapmr@gmail.com